අය-වැය

අද බදාදා…ඕං මං ගෙයින් එලිය‍ට බැහැලා පොඩ්ඩක් වත්ත වටේ කැරකුණා..එතකොටම මං දැක්කා එහා ගෙදර අංකල් එලියට බහිනවා..හම්මෝ අහුවුනොත් නිකන් කෝච්චියකට අහුවුනා වගේ තමා….පැය තුන හතරකට බේරෙන්න හම්බෙන්නේ නෑ..මං බල්ටියක් ගහල ගේ ඇතුලට යද්දිම මේකා ටකරං හඩින් කෑ ගැහුවේ නැතෑ

“ආ…පුතා..නිකං නේ ඉන්නේ..එමුකො පොඩ්ඩක් කතා කරන්ඩ…”

“නිකන් නෙමේ ඔටුවො ඉන්නේ..මම තෝ වගේ නෙමේ…මම අඩු ගානේ අමුඩයක් හරි අදිනව යකෝ…”

මම හිතෙං ඔය ටික කිය කියා අංකල් දිහාට ඇදුනා

“පුතා ඇහුවද අය-වැය එහෙම…?..” අංකල් ඇහුවා

“ඇහුවෙනං නෑ අංකල්..මම පත්තරේකින් කියෙව්වා.. “ මං කිව්වා

“අද කියවපු අය වැය කොහොමද පුතා අද පත්තරේම දාන්නේ..?.”.

“අද නෙවේ අංකල්..මේ මාසේ මුල ඉරිදා පත්තරේ තිබුණේ..මගේ අය 7 යි වැය 7 යි..අයට වැය කැපෙනවා..අංකල්ගෙ ලග්නෙ කියන්ඩ..මං බලල කියන්නං..”

“අයියෝ පුතා..මං ඇහුවේ එහෙම එකක් නෙවේ..පුතාගේ සාමාන්ය දැනීම බිංදුවයිනේ..මං ඇහුවේ වර්තමාන රජයෙන් ඉදිරිපත් කරපු අය වැය ගැන..පුතා බැලුවේ නැද්ද…?”

මොන මගුලක්ද යකෝ..?..අය වැයේ මොනව බලන්ඩද..?..

“අංකල් මමම ලියපු අය වැය ආයේ මං මොකට බලනවද…?..” මං කිව්වා…ඇතාගල ඉරි තලනවා මට ඇහුනා..

“පුතා පුතාද අය වැය ලිව්වේ..?..” අංකල් පොඩ්ඩක් අප්සෙට් ගිහිං වගේ ඇහුවා..

“නැතුව අංකල්…මහින්ද අංකල් මාව හම්බෙන්ඩම ඇවිල්ලනේ ඕක ලියවං ගියේ…මට පැයයි ගියේ ඕක ලියන්ඩ..” සීගිරියත් ඉරි තැලුණද කොහෙද…

“පුතා එච්චර දෙයක් කරන්ඩ මොනවද පුතාට තියන සුදුසුකං..?..”

“ අංකල් ඕකනේ..අපි ගැන හිතන්නේ දෙකේ කොලේට දාලනේ…අංකල් මං ආර්ථික විද්යාි උපාධිය ගත්තේ අංකල් ඇගිල්ල සුප්පු කරන කාලේ..මං ආර්ථික විද්යාාවේ PHD , MSE ,RSC ,MBBS ,FRC ,IOU ,CIA ,CID ,CIB ,STF ,STFU ,CTU ,KGB වගේ හැම උපාධියක්ම කරලා තියනවා..”

අංකල් ඩිම් වෙලාම ගිහිං.. “ඉතිං පුතා මොකද හිතන්නේ අය වැය ගැන..?..”

“මෙහෙමයි අංකල්,මේ පාර අය වැය නිව්ලන්ඩ්ස් ගේ අෂ්ඨක නියමෙන් වගේම බ’නූලි මූලධර්මයෙනුත් පැහැදිලි කරන්ඩ පුළුවං..හැබැයි මං වැඩිපුර කැමති වොට්සන් හා ක්රි ක් ඉදිරිපත් කරපු චලන විචිත්රත ආකෘතියෙන් මේක පැහැදිලි කරන්ඩ..
ඇඩම් ගිල් ක්රිමස්ට් එයාගේ හැම පොතකම වගේ ලියලා තියනවා ශ්රී ලංකාවේ සාර්ථක අය වැයක් ඉදිරිපත් වුණ දාට එයා බෙල්ලෙ වැල දාගන්නවා කියලා..ශ්රීහ ලංකාව..නමම බලන්ඩ අංකල්..මෙච්චර කල් ගිහිල්ලත් තාම ඉස්සරහට තියෙන්නේ ශ්රීව කියලා..රටේ දුවන වාහන වල නං නොයෙකුත් ඉංග්රීවසි අකුරු , ඉලක්කං එහෙම තියනවා..හැබැයි රට තාම සුද්දගෙ ‍කාලේ ඉදන් ශ්රීී…
දෛහික සෛලයන්ගේ උපස්ථර සානද්රකණය කොණික ගම්යවතාවෙන් බෙදලා ඒක ආපහු කැටායනික අරයෙන් ‍‍වැඩි කරලා එන ගානෙන් අපිච්ඡද පටකය ඉවත් කරාම ශ්රීන ලංකාවේ අය අපිට හොයන්ඩ පුළුවං.. වැය හොයන්ඩි නං කරන්ඩ ඕනේ ජීවයේ අඛන්ඩතාවය ඝතික ඝර්ෂණ සංගුණකයෙන් වැඩි කරලා හයිඩ්රඑජන් වර්ණාවලියේ වර්ණ සංඛ්යාඕවෙන් බෙදලා ඒ උත්තරයේ සයින් අගය සෙවීම..දැං පළවෙනි එකට පොටෑසියම් ප’මැංගනේට් දාලා දෙවනි එක‍ට කැල්සියම් හයිඩ්රො -ඩයි ක්රෝසමේට් දාලා පලවෙනි එක අනුමාපන ප්ලාස්කුවකටයි දෙවනි එක පිපෙට්ටුවකටයි දාලා , අදාල එන්සයිම , pH අගය , එන්සයිම , උෂ්ණත්වය හෙම දීලා අනුමාපනය රත් කරන්ඩ ඕනේ..ඔන්න එතකොට ශ්රී ලංකාවේ අය වැය පරතරේ ලැබෙනවා…අංකල්ට තේරුණාද..?….”

මං ඔය ටික කියලා හති දදා අංකල්ගෙන් ඇහුවා…අංකල් පේන්ඩ නෑ..වට පිට බලලා බැරිම තැන උඩ බිම බැලුවා..හත්වලාමයි ! අංකල්ට කලන්තෙ දාලා බිම පත බෑවිලා…කියලවත් කරගන්ඩ බැරි වැඩක්..මම හෙමීටම අපේ ගේ ඇතුලට පැන ගත්තා..ඒ අස්සේ මං දැක්කා අංකල්ලගෙ බලු නගුටා මුත්තරා කොරන්ඩ තැනක් හොයනවා..මං හැංගිලා බලාන හිටියා..බලු නගුටා කකුල උස්සලා අංකල්ගෙ මූනට යූරියා පාර එල්ල කරා..අංකල්ට සිහිය ආවා..මට අර කැහුටු බලු කුක්කව අල්ලල ඉඹ ගන්ඩ හිතුනා…

Posted in Satare. 7 Comments »

ඉලව් ලව්!!!!! (part 2)

අයියෙකුයි අක්කෙකුයි එකට පූට්ටු වෙලා වගේ ඉදගෙන පෙම් බස් දොඩනවා.මෙච්චරර බස් ගානක් නවත්තලා ගං වතුර ගලලා ඒත් යකෝ මුංට මෙලෝ ගානක් නෑ වගේනෙ මෙතන ප්රේ්ම කරන්නේ.. ඔසාමා බින් ලාඩන් ඇවිත් මුංගෙ පස්ස පැත්තෙ බෝම්බයක් පිපිරෙව්වත් මුන් දැනගන්න එකක් නෑ..වලත්ත හැත්ත…
හැබයි ඉතින් TV එකෙත් මෙහෙම සීන් ලේසියෙන් බලන්ඩ හම්බෙන්නෙ නෑනෙ..මං හෙමීට ගහ පිටිපස්සට ගියා..ඔන්න මුං දෙන්නා කොදුරනවා මට ඇහෙනවා..

“පැටියෝ හොද වෙලාවට ඔයාව මට හම්බුනේ..” අර අක්කා කියපි..පැටියා..?…කෙසේ වෙතත් මූට පැටව් දහයක් ‍දොලහක් ඇති..

“ඇයි බබා ඒ..?..” අර අයියා ඇහුවා..බබා..යකෝ මේකිත් මෙලහකට බබාලා හැට හුට හමාරක් හදලා ඇති..මුං දෙන්නා ඉන්න විදිහෙන් මට කියන්ඩ පුලුවන්…අප්පා..වැඩිහිටියන්ට පමණයි චිත්රඇපටියක් වගේ..අක්කා අයියගේ ඇග උඩ..මට ඕක දැකලා අපස්මාරෙයි , කක්කල් කැස්සයි , ගලපටලෙයි තුනම එකට හැදීගෙන ආවා…

“අපේ මමයි ඩඩයි හරි ආසාවෙං ඉන්නේ මාව ඩොක්ටර් කෙනෙකුට බන්දලා දෙන්න…”

“හැබැයි සුදූ මං ඩොක්ටර් කෙනෙක් වුනාට මට ඔයාගේ මම‍යි ඩැඩයි කැමති වෙයිද දන්නෑ..?..”

නොදකින් හිපාටු ඩොකා…තෝ වගේ ගල් මූසලයෙක්ට කැමති වෙන්ඩනං ඒ මහ උන්දැලැට මානසික රෝගයක් තියෙන්ඩ ඕන..

“ඇයි පැටියෝ ඒ..?”

“නෑ..මං පශු වෛද්ය.වරයෙක්නේ..”

හුහ්හූ…මාර පහර යකෝ..මූ තමා ඒ පව්ලට ගැලපෙනම එකා…මේ වගේ ලමයි හදපු දෙමාපියන්ට හැබෑවටම බුරිය වටේ ඉන්ජෙක්ෂන් විසි එකක් ගහන්න ඕන..පිස්සු බලු රෝගෙට..
තව පැයක් විතර ගියාට පස්සේ වතුර ගොඩාක් අඩු වුනා..මම එහා පැත්තට ගිහිං ආයේ මෙහා පැත්තට ආවා..ඇයි යකෝ රුපියල් විසිතුනක් දීලා ටිකට් එකක් ගත්තේ පයින් යන්ඩ නෙවෙයිනේ..මම තව ටිකක් ඉදලා බස් එකේම ආවා..

ගෙදර එද්දි දහයයි තිහයි…ගොඩක් වෙලා ඉදලා සපත්තු වල අමුත්තක් තේරුණා..මං සපත්තු ගලවලා බැලුවා..ගණං කරපු හින්දා කියන්නේ..හරියටම මාළු දාසයක් හිටියා..මම දැම්මා මාළු ටික ෆ්රිාජ් එකට..හෙට උදේට වෙල් මාළු කෑවහැකි…හෙට ඉස්කෝලෙ යන්ඩත් බෑ වගේ…දානවා නිවා‍ඩුවක්..අනිද්දා කොහොමත් නිවාඩුනේ..ආ තව කියන්ඩ බැරි උණා..කලිසම අස්සේ ගෙම්බො දෙන්නෙකුයි , දියබරියෙකුයි හිටියා..චීනෙන් නෙවේනෙ..නැත්නම් කනවා…….

Posted in Satare. 3 Comments »